කොළඹ අගරදගුරු නිකලස් හිමිපාණෝ (Nicholas Marcus Fernando)
ජීවන තොරතුරු
‘පුංචි
රෝමිය‘ නම් වූ මීගමුවේ මුන්නක්කරය ගම්මානයේ 1932 දෙසැම්බර් මස 06 වන දින
දේව ධර්මාචාර්ය කුරුකුලසූරිය නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණෝ බිළිඳකුව
උපන්නේය. එතුමාගේ පියා නැසීගිය කුරුකුලසූරිය විල්ප්‍රඩ් සෙවනේරිස්
ප්‍රනාන්දු මහතා වූ අතර මව නැසීගිය කුරුකුලසූරිය ලිලී මේරි මාග්‍රට්
ප්‍රනාන්දු මහත්මිය වූවාය. පවුලේ ඔහු ඇතුළු දරුවන් අටදෙනකු විය. මෙතුමා
මූලික අධ්‍යාපනය ලැබුවේ මුන්නක්කරයේ රෝමානු කතෝලික දෙමළ විදුහලෙනි. අනතුරුව
1942 දී ආගම දැනීම පරීක්ෂණයෙන් ප්‍රථමයා වීමෙන් පසු මහවීදිය සාන්ත මරියා
විදුහලට ඇතුළුව අධ්‍යාපනය ලැබීමට හැකි විය. එකල පූජකවරයට යාමේ කැමැත්තක්
එතුමා තුළ හට ගත්තේය. මීසම් පාලකව සිටි ගරු සෙබස්තියන්තුමාගේ අනුදැනුම ඇතුව
ඇතිව බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුලත්ව පූජකවරය ලබා ගැනීමට
කටයුතු කළේය. පාසල් කාලයේ එතුමා අධ්‍යාපනය හා බාහිර කටයුතුවල එකසේ දක්ෂව
නියැළුනේය. 1953 දී ලන්ඩන් (බී.ඒ.) උපාධිය සමත් වූයේද මේ දෙව්සත්හලේදීමය.
පසුව
එතුමා 1953.08.29 දින සාන්ත බර්නාඩ් දෙව්සත්හලට ඇතුළු විය. එකල ඉංග්‍රීසි
හා ලතින් භාෂාවද අමතරව ඉගෙන ගත්තේය. 1954 දී රෝමයේ ‘ප්රොපගැන්ඩෆඩ්‘
මිෂනාරි සරසවියේ උසස් අධ්‍යාපනය ලැබීමට ගියේය. මෙහිදී ලංකා පුස්තකාලයක් එහි
ඇරඹීම, ලංකා ප්‍රදර්ශනයක් පැවැත්වීම ආදිය මෙතුමා අතින් සිදු විය.
1958.11.29 වන දින තුන්වන හා සිව්වන සුළුවරද, 1959.09.02 දින උපතේවාචාර්ය
භාවයද ලද මෙතුමා 1959.12.26 දින කාදිනල් අගජිනියස්තුමන්ගේ අතින් පුජකවරය
ලැබීය. ඒ විසිතුන්වන ජුවාමි පාප් තුමාගේ සමයයි. 1960 දී පෙරළා මෙහි පැමිණි
බමිබලපිටිය සාන්ත පීතර විදුහලේ කථිකාචාර්ය ධූරයක්ද (1960-1963),බොරැල්ල
සාන්ත ඇලෝසියස් දෙවිසත්හලේ භාණ්ඩාගාරික ධුරයද දැරීය (1963-1965). පසුව
එතුමා එහි ගරු අධ්යක්ෂ පදවියටද පත් විය (1965-1972). මෙතුමාගේ ක්‍රීඩා
කෞශල්‍යය නිසාමදෝ එකල ක්‍රීඩාවටද අතහිත දුන්නේය.
නිකලස්
මාකස් හිමිපාණන් දේශිය රාජගුරු වංශයේ විය. 1977.03.30 වන දින මෙතුමා කොළඹ
සත්වැනි අගරදගුරු ලෙස රෝමයේ හා ලංකාවේ ප්‍රකාශයට පත්විය. එසේ වීමට හේතුව
වුයේ එතුමාගේ දක්ෂතාව, නායකත්ව හැකියාව,බොහෝ ගිහි පැවදි පිරිසක් ආශ්‍රය කර
තිබීම ආදියයි. මෙකල ‘දයා සේවා‘ සංවිධානය හා ඊට අනුබද්ධිත අරමුදලක්
පිහිටුවිය. 1977.05.02 දින මෙතුමාගේ සිංහාරූඩ වීමේ දින ඔටුනු පැළදීමේ දිනය
ලෙසද දැක්වේ. මෙය ඉතිහාසයේ ප්‍රථම වරට සිංහලයෙන් පැවති අභිසෙස් මෙහෙයයි.
මාකස් අගරදගුරු පියාණෝ ප්‍රථම සිංහල පදවි පුජක අගරදගුරු තුමාණන් වුහ.
රාජගුරු අභිෂේකය සිදුවුයේ කාදිනල් තෝමස් කුරේ උතුමාණන් අතිනි. මාකස්
තුමාණන් තම ප්‍රථම නිල ගමන ලෙස වසමේ අනාගතය ගැන රැස්වීමක් 1977.06.14 දින
හෙබවීමද කළේය.
බලය
ජනතාව අතට දෙමින් කළ විමධ්‍යගත පාලනය ප්‍රශංසනීය වේ. එතුමාගේ ආදර්ශ පාඨය
වුයේ ‘මෙත් සිතින් ඇත්ත කතා කිරීම‘ යන්නයි. අගරදගුරු ප්‍රථම පුජක කතිකාව
1977.12.05 දින සිට 1977.12.07 දින දක්වා සාන්ත ඇලොසියස් දෙව්සත් මැඳුරේදී
පැවැත්විණ. මෙකල නව කමිටු පාලනයෙන් දිස්ත්‍රික් කමිටු 14ක්, දිසානායකවරු 14
දෙනෙක්, කිතුනු ඒකක, පූජක උත්තර මණ්ඩල ඇතිකළ එතුමා පළමු නත්තල් පූජාව
කළුතරදී පැවැත්වීය. 1978 ජුනි මස රෝමයේදී හයවන පාවුළු පාප් වහන්සේ හමුවිය.
1979 දී පෙරළා පැමිණි දිළිඳු පාසල් දරුවන් වෙනුවෙන්, දුගියන් වෙනුවෙන්
වටිනා මෙහෙවරක් ඉටු කළේය. 1980.09.26 දින රෝමයේ පැවති ලෝක රදගුරු සමුළුවට
මෙතුමා සහභාගි විය. 1980 කාලයේ මීසම් සභා අහෝසි කර නව ධර්ම සේවා කමිටු
ඇතිකරන ලදි. ජාතිවාදි කෝලාහල සඳහා මැදි සිතින් ඔවදන් දුන්නේය. 1983.01.15
දින සිංහල ධර්ම නිකේතනය බිහිකළ අතර එහි කුලපති ධූරයද මෙතුමාට පැවරිණි.
දක්ෂ
ලේඛකයකු වූ මාකස් තුමා ‘ප්රදීපයේ‘ ලිපි පළ කළ අතර නව සිංහල බයිබලය රචනා
කිරීමට අනුබල දුන්නේය. 1984.01.14 දින නියෝගය පරිදි නිකලස් මාකස් හිමි දෙවන
ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියා විසින් ‘ජනතා ධර්ම දානය පිළිබඳ ශුද්ධ වූ
නියෝජනයේ‘ නියෝජිතයකු කරවන ලදි. මෙතුමා කළ මෙහෙවරෙහි ‘මාර්ක් ශ්‍රී‘ වැඩ
පිලිවෙලද වැදගත් වේ. 1989.05.07 දින ශ්‍රී ලංකා රද ගුරු මණ්ඩලයේ නව සභාපති
ධූරයට පත්විය. කිතුනු බැතිමතුන්ට මෙතුමා විසින් කරන ලද සේවය ඉමහත්ය.
God Bless u...!
ReplyDelete