රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි (Sri Dharmarama Himi)
ජීවන තොරතුරු
උන්වහන්සේ
උපත ලැබුවේ 1853 වර්ෂයේදීය.රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක හිමියන්ගේ
ප්‍රධාන ගෝල හිමිනම වූයේ මෙතුමායි.1875 වර්ෂයේදී ධර්මාලෝක හිමියන්ගේ
ප්‍රමුඛත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීමෙන් පසු මේ ශිෂ්‍ය හිමිනමට එහි
අධ්‍යාපන ලැබීමට හැකිවිය. ධර්මාරාම හිමියෝ සිංහල, පාලි, සහ සංස්කෘත භාෂාවන්
උගැන්මෙහි මහත් දක්ෂතාවයක් දැක් වූ අතර පසු කලෙක ඒ පිළිබඳව මනා දැනුමක්
ඇති බහුශ්‍රැත පඬිරුවනක් වූහ.
මහත්
ඕනෑකමින් ශාසනාක හා සමාජීය මෙහෙවරක නියැළුණු උන්වහන්සේට පසු කලෙක කොළඹ
හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක පදවිය, මල්වතු පාර්ශවීය සංඝ සභාව විසින්
පිරිනමන ලදි. බෞද්ධ භික්ෂුවක තුළ නිතැතින්ම තිබිය යුතු අවිහිංසකත්වය,
සංවරශීලී භාවය, චාම් පැවතුම් සහ විනය ගරුකත්වය එතුමන් තුළ පැහැදිලිව දක්නට
ලැබුණි.
1915
වර්ෂයේ දී උද්ගත වූ සිංහල, මුස්ලිම් ගැටුම් සම්බන්ධයෙන් ධර්මාරාම හිමියෝ
මහත් සේ කම්පා වූහ. එහිදී සිරභාරයට ගත් ඇතැම් සිංහල ජන නායකයන් එලෙස
සිරභාරයේ රඳවා තබා ගැනීම අසාධාරණ බැව්, එවකට ලක්දිව අග්‍රාණ්ඩුකාර ධූරය
දැරූ සර් රොබට් වාර්ම්ස් සාමිවරයාට උන්වහන්සේ මැදිහත් වෙමින් පෙන්වා දුන්හ.
මේ
අනුව සලකා බැලීමේදී ධර්මධරත්වය, පැසුණු බුද්ධිය, සුපේශල ශික්ෂාකාමිත්වය,
අදීනත්වය සහ දේශනුරාගය ආදී සෑම අංශයකින්ම ශ්‍රී ධර්මාරාම හිමියන් තුළ පැවති
වීර චරිත ලක්ෂණ මනාව ඉස්මතු වෙයි.
ශ්‍රී ධර්මාරාම හිමියන් අතින් රචිත ග්‍රන්ථ
- මොග්ගල්ලාන පංචිකා ප්‍රදීපය
- සිදත් සඟරා සන්නය
- මහා බෝධි වංශ ගැට පද විවරණය
එතුමන් සංස්කරණය කළ ග්‍රන්ථ
- හංස සහ සැළලිහිණි සංදේශය
- කාව්‍ය ශේඛරය
0 comments:
Post a Comment